පිළිකා රෝගීන්ට සුදුසු ආහාර හා ජීවන රටා
* කෘෂි රසායන නො යෙදූ නැවුම් පලතුරු හා එළවළු හැමවිට ම යහපත් ය. අමුවෙන් ආහාරයට ගත හැකි එළවළු හා පලතුරු තුළින් පිළිකා වර්ධනය වළක්වන එන්සයිම ශරීරයට ලැබේ. නිතර ආහාරයට අමු එළවළු (සලාද, මැල්ලූම් ආදිය) එක්කර ගන්න.
* නිතර සීනි නො යොදා පලතුරු යුෂ පානය කිරීම ද ඉතා හිතකර වේ.
* සුදු ලූනු ඔබේ ප‍්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.
* කහ ශරීරයේ ගෙඩි සහිත තත්ත්වයන් ඇතිවීම වළක්වයි
* පිරිසිදු ඔලිව් තෙල් ආහාරයට ගැනීම හිතකර ය.
* කටු අනෝදා පිළිකා වළක්වන, මර්ධනය කරන පලතුරකි.
* කැරට් අමුවෙන් ආහාරයට ගැනීම හෝ යුෂ පානය කිරීම ඉතා හිතකර වේ.
*Green Tea පිළිකා නාශකයකි.
* විටමින් සී සහ ඊ අඩංගු පලතුරු නිතර ආහාරයට ගන්න.
* විටමින් D (දිනකට විනාඩි 20ක් පමණ උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය සපුරා ගත හැකි ය.*
* පිරිසිදු ළිං ජලය (ශරීරයේ ආම්ලික ස්වභාවය පිළිකා වර්ධනයට රුකුලක් වේ. පිරිසිදු ජලය වැඩි ප‍්‍රමාණයක් පානය කිරීම හා දිනපතා පිරිසිදු ජලය ස්නානය කිරීම තුළින් සිරුරේ ආම්ලිකතාවය අඩු වේ.)
* ඔක්සිජන් සහිත පරිසරයක පිළිකා සෛල වර්ධනය සිදු නො වේ. දිනපතා ම ස්ව වායු ව්‍යයාමයන්හි නිරත වන්න. Anti-Oxidant අඩංගු ආහාර ශරීරයේ විෂ තත්ත්වයන් පාලනය කරයි. (ධාන්‍ය වර්ග, සුදු ලූනු, පැණි කොමඩු, වියළි මිදි ආදිය)
* නිවුඞ්ඩ සහිත සහල් වර්ග (හෙළ පාරම්පරික සහල් වර්ග)
* සියලූ ම ධාන්‍ය වර්ග හිතකර වේ.
* කාබන් යම් පුමාණයක් ශරීරගත වීම මගින් ශරීරය තුළ පවතින පිළිකාකාරක විෂ තත්ත්වයන් පහව යන බව පර්යේෂකයන් සොයාගෙන ඇත. මෙහි දී ඔවුන් සොයාගෙන ඇත්තේ ග‍්‍රාමීය පරිසරවල වෙසෙන ජනතාව තුළට ආහාර තුළින් කාබන් ඇතුල් වීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති බවයි. (අඟුරුවලින් දත් මැදීමෙන්, බත් දංකුඩ, දර පෝරණු පාන්වල කළු පැහැති කොටස, රොටීවල පිළිස්සුන කොටස් ආදිය ආහාරයට ගැනීමේ දී නිරායාසයෙන් ම යම් කාබන් ප‍්‍රමාණයක් ශරීරගත වන බවයි.)
* භාවනා කිරීම තුළින් සිරුරේ DNA සංයුතිය යහපත් ආකාරයට වෙනස් වන බවත් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.
* තරහ වෛර නොමැති සිතින් වාසය කිරීම, සමාව දීම, මෙත් සිතින් කටයුතු කිරීම හා නිතර සතුටින් සිටීම තුළින් හිතකර හෝමෝන නිපදවන බව ද සොයාගෙන ඇත.
ඉහත කරුණු අධ්‍යයනය කිරීමේ දී කාරණා දෙකක් පැහැදිලි වේ.
එනම් ධර්මානුකූලව බලන කල මාරයාට අයත් ඇස, කන, නාසය, දිව, කය, මනස තුළින් මාරයා විවිධාකාරයෙන් ඇතුළු
වීමේ ප‍්‍රවණතාවය තාක්ෂණික ලෝකයේ දියුණුවත් සමග ම සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති බව ය.
අනෙක නම් අතීතයේ අප සතුව තිබූ ධර්මානුකූල සරල ග‍්‍රාමීය ජීවන රටාව තුළ ඉහත කී
පිළිකාකාරක කිසිවක් ම මුණ නො ගැසෙන අතර පිළිකා මර්ධක බොහොමයක් ම නිරායාසයෙන් ම
ලැබී ඇති බව ය.
මෙම කරුණු දැනගෙන ඔබගේ ජීවන රටාව යහපත් ලෙස හැඩගස්වා ගැනීමෙන් හා එ්වා ඔබේ දූ දරුවන්ට කියා දීමෙන් නිරෝගී මතු පරපුරක් බිහිකර ගැනීමට හැකියාව උදා වේවා යන්න අපගේ පැතුමයි.
මෙම කරුණු දැනගෙන ඔබගේ ජීවන රටාව යහපත් ලෙස හැඩගස්වා ගැනීමෙන් හා එ්වා ඔබේ දූ දරුවන්ට කියා දීමෙන් නිරෝගී මතු පරපුරක් බිහිකර ගැනීමට හැකියාව උදා වේවා යන්න අපගේ පැතුමයි.
No comments:
Post a Comment