ජංගම දුරකථන චාර්ජ් කිරීම ගැන මිත්‍යා විශ්වාස සහ ඒවා පිලිබඳ ඇත්ත
“දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න
එපා” , “රැ
පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගන්න එපා” , “බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩ දෙන්න” මෙවැනි මිත්‍යා විශ්වාස අද සමාජයේ බොහෝවිට
අසන්නට ලැබේ.බැටරි පාවිච්චියේදි කල යුතු දේවල් හා නොකළ යුතු දේවල් තියෙනවා, මේ සම්බන්ධයෙන් පවතින මිත්‍යා විශ්වාස
බොහෝය
1. රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගත්තම බැටරිය පිච්චෙනවා
අප හිතනවට වඩා ජංගම දුරකතනය බුද්ධිමත් වේ.
රැ පුරා චාර්ජ් කිරීමෙන් බැටරියේ ආයු කාලය
අඩු වෙන නමුත් පිච්චෙන්නේ නැ. බැටරිය 40% ත් 80% ත් අතර චාර්ජ් කරමින් තියාගත්තොත්, බැටරියේ ආයු කාලය වැඩි වෙනවා.
2. බැටරිය සම්පුර්ණයෙන් බහිනකන් ඉන්න ඕනේ අයෙත් චාර්ජ්
කරන්න
හැමදාම බැටරිය චාර්ජ් කරන එක හොදයි, දැනට භාවිතයට ඇති ජංගම දුරකථන වල
ලිතියම්-අයන්(යකඩ) බැටරි බොහෝ දුරට දක්නට ලැබේ. දිගටම 0% බහින්න දුන්නම බැටරිය අස්ථායි වීමක්
සිදුවේ. බොහෝ අලුත් ජංගම දුරකථන වල බැටරිය 5% වගේ වෙද්දී ඉබේම ක්‍රියා විරහිත වෙන්නේ ඒ
හතුවෙනි.. බැටරිය ඇතුලේ චාර්ජ් වෙන වක්‍ර සීමිත ප්‍රමාණයක් තියෙන්නේ, බැටරිය 0% වෙන සෑම මොහොතකදිම එයින් එක වක්‍රයක් නැතිවී
යනවලු. ඉතින් බැටරිය 0%
වෙන්න නොදී තියාගත්තොත් බැටරියේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.
3. ජංගම දුරකථනය චාර්ජ් වෙන අතරතුරේ පාවිච්චි කරන්න එපා
මෙය මිත්‍යාවකි.නමුත් ඔරිජිනල් නොවන චාර්ජර්
පාවිච්චි කාරනවානම් සැලකිළිමත් වියයුතුය. මේ මිත්‍යා විශ්වාසයට 2013 දි චීන ගුවන් යානා සේවිකාවක් වන “Ma Ailun” ජංගම දුරකථනය චාර්ජ්
කරන අතරතුරේ පාවිච්චි කරමින් සිටියදී විදුලි කම්පනයකට ලක්වී මිය ගිය සිද්ධිය බලපා
ඇත. මාධ්‍ය වාර්තා වලට අනුව ඇය ඔරිජිනල් නොවන චාර්ජරයක් පාවිච්චි කර ඇත. ඔරිජිනල්
චාර්ජර් එක පාවිච්චි කරනකල් කිසිදු ප්‍රශ්නයක් නැත.
4. ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කලාම බැටරිය පිච්චෙනවා.
බැටරිය පිච්චෙන්නේ නම්
නැ. ඔරිජිනල් චාර්ජර් මිලදී ගැනීමට නොහැකි නම් අඩුම තරමේ ප්‍රසිද්ධ වෙලන්දන්ගේ ( Belkin, KMS ) චාර්ජර් පාවිච්චි මිලදී
ගන්න. ඒවගෙන් කිසිදු හානියක් බැටරියට වෙන්නේ නැ.
5. ජංගම දුරකථනය කවදාවත් ක්‍රියා විරහිත( OFF ) කරන්න ඕනේ නැ
දුරකථනය යන්ත්‍රයක්
වුනත් ඒවටත් නිදහසක් අවශ්‍යයි. බැටරියේ ආයු කාලය වැඩි කරගැනීමට අවශ්‍ය නම් ඉදල
හිටලා හෝ රාත්‍රී කාලයේදී දුරකථනය ක්‍රියා විරහිත කරලා තියන්න






