Friday, August 19, 2016

ජංගම දුරකථන චාර්ජ් කිරීම ගැන මිත්‍යා විශ්වාස  සහ ඒවා පිලිබඳ ඇත්ත
දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා” , “රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගන්න එපා” , “බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩ දෙන්නමෙවැනි මිත්‍යා විශ්වාස අද සමාජයේ බොහෝවිට අසන්නට ලැබේ.බැටරි පාවිච්චියේදි කල යුතු දේවල් හා නොකළ යුතු දේවල් තියෙනවා, මේ සම්බන්ධයෙන් පවතින මිත්‍යා විශ්වාස බොහෝය
1.    රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගත්තම බැටරිය පිච්චෙනවා
අප හිතනවට වඩා ජංගම දුරකතනය බුද්ධිමත් වේ. රැ පුරා චාර්ජ් කිරීමෙන්  බැටරියේ ආයු කාලය අඩු වෙන නමුත් පිච්චෙන්නේ නැ. බැටරිය 40% ත් 80% ත් අතර චාර්ජ් කරමින් තියාගත්තොත්, බැටරියේ ආයු කාලය වැඩි වෙනවා.
2.    බැටරිය සම්පුර්ණයෙන් බහිනකන් ඉන්න ඕනේ අයෙත් චාර්ජ් කරන්න
 හැමදාම බැටරිය චාර්ජ් කරන එක හොදයි,  දැනට භාවිතයට ඇති ජංගම දුරකථන වල ලිතියම්-අයන්(යකඩ) බැටරි බොහෝ දුරට දක්නට ලැබේ. දිගටම 0% බහින්න දුන්නම බැටරිය අස්ථායි වීමක් සිදුවේ. බොහෝ අලුත් ජංගම දුරකථන වල බැටරිය 5% වගේ වෙද්දී ඉබේම ක්‍රියා විරහිත වෙන්නේ ඒ හතුවෙනි.. බැටරිය ඇතුලේ චාර්ජ් වෙන වක්‍ර සීමිත ප්‍රමාණයක් තියෙන්නේ, බැටරිය 0% වෙන සෑම මොහොතකදිම එයින්  එක වක්‍රයක් නැතිවී යනවලු. ඉතින් බැටරිය 0% වෙන්න නොදී තියාගත්තොත් බැටරියේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.
3.    ජංගම දුරකථනය චාර්ජ් වෙන අතරතුරේ පාවිච්චි කරන්න එපා
මෙය මිත්‍යාවකි.නමුත් ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කාරනවානම් සැලකිළිමත් වියයුතුය. මේ මිත්‍යා විශ්වාසයට 2013 දි චීන ගුවන් යානා සේවිකාවක් වන “Ma Ailun”  ජංගම දුරකථනය චාර්ජ් කරන අතරතුරේ පාවිච්චි කරමින් සිටියදී විදුලි කම්පනයකට ලක්වී මිය ගිය සිද්ධිය බලපා ඇත. මාධ්‍ය වාර්තා වලට අනුව ඇය ඔරිජිනල් නොවන චාර්ජරයක් පාවිච්චි කර ඇත. ඔරිජිනල් චාර්ජර් එක පාවිච්චි කරනකල් කිසිදු ප්‍රශ්නයක් නැත.
4.    ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කලාම බැටරිය පිච්චෙනවා.
බැටරිය පිච්චෙන්නේ නම් නැ. ඔරිජිනල් චාර්ජර් මිලදී ගැනීමට නොහැකි නම් අඩුම තරමේ ප්‍රසිද්ධ වෙලන්දන්ගේ ( Belkin, KMS ) චාර්ජර් පාවිච්චි මිලදී ගන්න. ඒවගෙන් කිසිදු හානියක් බැටරියට වෙන්නේ නැ.
5.    ජංගම දුරකථනය කවදාවත් ක්‍රියා විරහිත( OFF ) කරන්න ඕනේ නැ

දුරකථනය යන්ත්‍රයක් වුනත් ඒවටත් නිදහසක් අවශ්‍යයි. බැටරියේ ආයු කාලය වැඩි කරගැනීමට අවශ්‍ය නම් ඉදල හිටලා හෝ රාත්‍රී කාලයේදී දුරකථනය ක්‍රියා විරහිත කරලා තියන්න


Thursday, August 18, 2016

හිසකෙස් රැකගන්නට අත් බෙහෙතක්

හිසකෙස්වල ස්වභාවය අනුව අපට හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට යම් යම් උපදෙස් අනුගමනය කළ හැකියි. හිසකෙස්වල ස්වභාවය අනුව බිත්තර සුදුමදය හෝ කහමදය ගල්වන්නට පුළුවන්. තෙල් අධික කෙස් කලබක් නම් බිත්තර සුදුමදය ද වියළි කෙස් කලඹක් නම් බිත්තර කහමදය ද සාමාන්‍ය කෙස් කලඩක් නම් බිත්තරයක් සම්පූර්ණයෙන් වුවද භාවිත කළ හැකියි.

උළුහාල් තම්බාගත් වතුර කෝප්පයක් ගෙන එය නිවෙන්නට හැර බිත්තර කලවම්කර හිස්කබලේ සිට කොණ්ඩය අග දක්වාම හොඳින් ආලේපකර විනාඩි හතළිස් පහක් යනතුරු තබා මඳ රස්නය වතුරෙන් හිස්කබල හොඳින් සෝදන්න. එවිට කොණ්ඩයේ රෝගී ස්වභාවය මඟහරවා ගත හැකියි.

කරපිංචා කොළ මිටක්, උළුහාල් ටිකක් රත්මල් සමඟ දමා උතුරවා එය පැයක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු මෙයට දෙහි ස්වල්පයක් එකතු කරන්න. තෙල් අධික සහ ඉස්හොරි පැතිරී ඇති හිසකට මෙය ගැල්වීමෙන් එම තත්ත්වය මඟහැරී යයි.


ඉතා අධික ලෙස වියළි බවක් දක්වන කෙස් කලඹකට කෝමාරිකා සාරය, බිත්තර කහමදය සහ පොල්කිරි ස්වල්පයක් එකට එකතුකර හිසකෙස්වල ආලේපකර පැයක පමණ කාලයක් සිට මඳ රස්නය ඇති වතුරෙන් හිසකෙස් සෝදන්න. මෙය සතියකට දෙවරක් කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කරගත හැකියි.

Tuesday, August 16, 2016

කෘත්‍රිම ආභරණ පැළඳීමේදී සිතිය යුතු කරුණු කිහිපයක්

කෘතිම ආභරණවලට අද ඇත්තේ විශාල ඉල්ලුමක්‌. මාල, වළලු, කරාබු මේ කොයි දේත් විවිධ වර්ණවලින්, විවිධ විලාසිතාවලින් අද ලබාගන්නට පුළුවන්. ඇත්තට ම ඇඳුමේ වර්ණයට, විලාසිතාවට ගැලපෙන්නට මේ ආභරණ තෝරාගත හැකිවීම පහසුවක්‌.
ඔබත් කෘත්‍රිම , විලාසිතා ආභරණ පැළඳීමට කැමැත්තක්‌ දක්‌වන යුවතියක්‌ නම් ඒ ගැන මදක්‌ කල්පනාකාරී වීම අවශ්‍යයි. ඉතින් මේ ලිපිය වෙන්වන්නේ ඔබ වෙනුවෙන්මයි.

ඇතැම් විට මේ ආභරණ නිසා අසාත්මිකතා ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා.
බොහෝ විට කන් පෙති පැසවීම, බෙල්ල කළුවීම, කැසීම , පළු දැමීම වැනි තත්ත්වයන් කෘත්‍රිම ආභරණ පැළඳීම නිසා ඇතිවන්නට පුළුවනි.
මුලින්ම ආභරණ තෝරාගැනීම ගැන ටිකක්‌ විමසා බලමු. වඩාත් බරපතල පෙනුමක්‌ නැති, චාම් විලාසිතාවේ ආභරණ සාමාන්‍ය ගමනට, රැකියාවට සුදුසුයි. ඒ වගේම උත්සව අවස්‌ථාවකදී නම් ගල් ඇල්ලූ, පබළු වැනි තරමක්‌ පෙනුම ඇති ආභරණ පළඳින්න පුළුවන්.
කොහොම වුණත් කරාබු තෝරාගැනීමේදී තරමක්‌ හිතන්නම ඕනේ. එයට හේතුව දිගින් වැඩි විශාල කරාබු නිසා කන්වලට අනතුරු සිදු විය හැකි වීමයි. බරින් වැඩි කරාබුවක්‌ නිසා කන් පෙත්ත ඉරෙන්නට පුළුවන්. දිගින් වැඩි කරාබු කොහේ හෝ පැටලීමෙන් එලෙසම අනතුරු සිදු වෙනවා. ඒ නිසා සැහැල්ලු කරාබු තෝරාගැනීම කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න ඕනේ.
ඒ වගේම මේ කරාබු ඉතාම පිරිසිදුව තබා ගැනීමටත් මතක තබාගන්න. නිතරම ගලවා ඉවත් කරන නිසා බොහෝ දෙනා මේවා තැන් තැන්වල තැබීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු නැහැ. එයින් කුණු දූවිලි, විෂ බීජ කරාබුවල තැවරී කන්වලද ගෑවෙනවා. ඉන් කන්පෙති පැසවීමට පුළුවන්. නිතරම කරාබු පිරිසිදු ස්‌ථානයක තැබීමට මතක තබා ගන්න. ඇතැම් අය කන්පෙත්ත රිදුනත්, එය ගණන් නොගෙන දිගටම එම කරාබු පළඳිනවා. නමුත් එයින් සිදුවන්නේ කන තුවාල වීමයි. ඒ නිසා වහාම කරාබු ඉවත් කරන්න.
අපි දිනපතා මුහුණ සෝදන විට නිතරම කන්පෙතිත් සෝදා ගත යුතුයි. දිනකට වරක්‌ හෝ සර්ජිකල් ස්‌ප්‍රීට්‌ දමා පුළුන් කැබැල්ලකින් කන්පෙති පිස දමන්න.
ඇතැම් විට කෘත්‍රිම ආභරණ නිසා බෙල්ල කළුවෙන අවස්‌ථා තිබෙනවා. එහෙම වෙන්න හේතු දෙකක්‌ බලපානවා. එකක්‌ එම ආභරණ ඔබට අසාත්මික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එම ආභරණවල ප්‍රමිතිය බාල වෙන්න පුළුවන්. මේ නිසා නිතරම එවැනි ආභරණ තෝරාගන්නා විට හොඳ ප්‍රමිතියක්‌ සහ වගකීමක්‌ ඇති තැනකින් තෝරා ගන්නට මතක තබාගන්න.
මාලයක්‌ පළඳින විට බෙල්ල ප්‍රදේශයේ බේබී ක්‍රීම් ස්‌වල්පයක්‌ ආලේප කර පළඳින්න. එය ඉවත් කළ පසුවත් විෂ බීජ නාශක සබන් වර්ගයක්‌ යොදා බෙල්ල ප්‍රදේශය සෝදා හැර පවුඩර් ටිකක්‌ දමාගන්න.

ආභරණ ද හොඳින් පිස දමා තැබිය යුතුයි. ඒවායේ දහදිය රැඳී තිබීමෙන් ආභරණ ද දුර්වර්ණ වීම සිදුවන අතර ඒවායේ බැක්‌ටීරියා වැනි විෂ බීජ වර්ධනය වී ආසාදන තත්ත්වයන් ඇති කිරීමටත් ‍මේ කෘතිම ආභරණ හේතුවන්න පුළුවනි.

Monday, August 15, 2016

පෑන් කොපුවක් මත සිදුරක් සාදා තිබෙන්නේ ඇයි කියල දන්නවද ? 
මිනිසුන්ගේ අපූරු නිර්මාණ බොහොමයක් අපිට දැකගන්න පුළුවන්. අලුත් විදියට හිතන මිනිසුන්ගේ අදහස් බොහොමයක් විවිධ දෑ නිර්මාණය කිරීමට යොදාගෙන තියනවා. ඉතින් මේ අලුත් නිර්මාණ අපිට විවිධ දේවල් සඳහා උදව් වෙනවා වගේම අපේ ආරක්ෂාවටත් විශාල පිටිවහලක් වෙනවා. නමුත් මේ සමහර නිර්මාණ අපිට කෙතරම් නෙතගැටුනත් හඳුනාගන්න අපහසු වන අවස්ථා ද නැතුවාම නොවෙයි.
අපි පුංචි කාලේ පෑන් එක්ක සෙල්ලම් කරනවා නේ. ඉතින් පෑන් වලින් පැන්සල් වලින් ලියද්දි සමහර අයට තියන නරක පුරුද්දක් තමයි පෑනේ විල්ල එහෙම නැතිනම් ක්ලිප් එක හපන එක. මෙහෙම ක්ලිප් හපන හපන්නේ නැති ඔයගොල්ලෝ දැකලා ඇති ක්ලිප් වල උඩ සිදුරක් හදලා තියනවා. මේක බැලු බැල්මට නම් පෙනෙන්නේ පෑන නිෂ්පාදනය කරන සමාගම විසින් පෑනේ ලස්සන සඳහා කරපු වැඩක් විදියටයි. නමුත් එහි සැබෑ අරමුණ ඊට වඩා බොහෝ වැදගත් එකක් බව ඔබට මොහොතකටවත් සිතුනා ද ?
මේවගේ පෑනක  විලි හපනකොට ඒවා ගිලීමෙන් ඔබගේ ජිවිතයට පවා හානි සිදුවන්න පුළුවන්. එවැනි දෑ සිදුවූ අවස්ථා ද නැතුවාම නොවෙයි. එසේ සිදුවන්න ප්‍රධානම හේතුව වන්නේ හුස්ම අවහිර වීමයි.
ඉතින් මේ වගේ හදිසි අවස්තාවක දී වන ජිවිත අවදානම අවම කරගැනීමේ උපායක් විදියට තමයි පෑන් විල්ල උඩ සිදුරක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ සිදුර හරහා යම්කිසි කාලයක් අදාළ ප්‍රතිකාර ස්වසනය සිදුකිරීමට හැකිවෙනවා. Bic සමාගම තමයි මේ අපූරු අදහස ඉදරිපත් කරලා තියෙන්නේ.

Sunday, August 14, 2016

පැන්සල

01. 1565 වසරේ එංලන්ත නව නිපැයුම්කරුවෙක් විසින් ලෝකයට පැන්සල හදුන්වාදෙන ලදි.
02. සාමාන්‍ය පැන්සලකින් සැතපුම් 35ක් දිග රේඛාවක් ඇදිය හැකි වේ.
03. ලොවපුරා වාර්ෂිකව පැන්සල් බිලියන 14ක් නිෂ්පාදනය කෙරේ.
04. ජලය යටදී මෙන්ම ශුන්‍ය ගුරුත්ව තත්වයක් යටතේදීද පැන්සලෙන් ලිවිය හැක.
05. ලොව විශාලම පැන්සල නිර්මාණය කර ඇත්තේ නිව්යෝර්ක් නුවර Ashrita Furman විසිනි. එය අඩි 76ක් දිගය.
06. 1858 වසරේදී  Hymen Lipman විසින් මකනය සවිකළ පැන්සලට පේටන් බලපත්‍රය ලබාගෙන ඇත.
07. "East of Eden" නවකතාව රචනාකිරීම සදහා John Steinbeck හට පැන්සල් 300ක් වැය වී ඇත.
08. මකනය සොයාගැනීමට පෙර පැන්සල් ඉරි මැකීම සදහා පාන් කුඩු යොදාගන්නා ලදි.
09. පැන්සල් සදහා යොදාගන්නා ලෝකයේ හොදම මිනිරන් නිධිය තිබෙන්නේ චීනයේය.
10. සාමාන්‍ය විශාලත්වයකින් යුතු ගසකින් පැන්සල් 170000ක් නිපදවිය හැක.

ප්ලාස්ටික්

ප්ලාස්ටික් බෝතල් අද පරිසරයටද මහත් ව්‍යසනයක් බවට පත්වී ඇත. එමෙන්ම ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීමෙන් ශරීරය සෞඛ්‍යටද බලපෑමක් ඇතිවේ. අප මිලදී ගන්නා ප්ලාස්ටික් බීම බෝතල් වල අඩියේ සංකේත හා අක්ෂර දක්වා තිබෙනවා ඔබ දැක ඇති. එහෙත් ඒවයේ තේරුම් ඔබ දැන සිටියාද? පහත දැක්වෙන්නේ එවැනි සංකේත හා අක්ෂර වල දක්වා ඇති දේවල් ගැනයි.

01. PET හෝ PETE
මෙම බෝතල් වර්ගය එක් වරක් පමණක් භාවිතය සදහා නිපදවා ඇත. නැවත නැවත භාවිතා කිරීමේදී මෙම බෝතලය නිපදවීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වලින් පිටකරන දෑ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයට බාධා ඇති කළ හැකි අතර මේවා පිළිකා කාරකද වේ.
02. HDP හෝ HDPE
භාවිතයට වඩාත් සුදුසුම ප්ලාස්ටික් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇත. සෞඛ්‍ය කෙරෙහි අඩුම බලපෑමක් ගෙන දෙන බෝතල් වර්ගය මෙයයි.
03. PVC හෝ 3V
මෙම බෝතල් නිෂ්පාදනය කිරීම සදහා විෂ රසායන ද්‍රව්‍යයත් භාවිතා කරන නිසා නැවත නැවත භාවිතා කිරීම සුදුසුම නැත. එමෙන්ම මේවා පිළිස්සීමේදී නිකුත්වන වායුව ආඝ්‍රානය කිරීමත් සෞඛට දැඩි තර්ජනයක් ඇතිකෙරේ.
04. LDPE
මෙම ප්ලාස්ටික් වර්ගය බොහෝ විට ප්ලාස්ටික් මලු නිෂ්පාදනය කිරීමට යොදාගනී. ශරීරයට ඇති අවධානම අඩුය. එහෙත් දිරාපත් නොවන නිසා පරිසරයට හානිකරය.
05. PP
මෙයත් අඩු අවදානම් සහිත ප්ලාස්ටික් වර්ගයකි. යෝගට් ඇසුරුම් හා ඖෂධ බහාලුම් නිෂ්පාදනය කිරීමට යොදාගනී
06. PS
මෙම ප්ලාස්ටික් වර්ගය Stiren නැමති පිළිකාකාරකය නිකුත් කරයි. මේවා බොහෝවිට භාවිතා වන්නේ ආහාර ඇසුරුම් කිරීමට හා කෝපි කෝප්ප නිෂ්පාදනය කිරීමටයි.
07. PC හෝ කිසිවක් සදහන් නොවන
භාවිතා කිරීමට නුසුදුසුම ප්ලාස්ටික් වර්ගය මෙයයි. මෙය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වල BPA අඩංගු වේ.



Friday, August 12, 2016

මනමේ කුමරුගෙ නික්ම යාම.
ශ්‍රී ලංකාවේ නාට්‍ය සහ සිනමා ක්‍ෂේත්‍රයේ නිරත නූතන පරපුරේ කලාකරුවන් සමඟ පවා උරෙනුර ගැටෙමින් දිගු කලක් රංගනයෙන් දායක වෙමින් සිටි විජය නන්දසිරි මහතා  සහෘදයන් අතර ජනප්‍රිය චරිතයක් විය.
වේදිකා නාට්‍යයක සිදු කළ රංගනයක් තුළින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඇස ගැටුණ විජය නන්දසිරි 'මනමේ' කුමරුන් වේශයෙන් වසර ගණනාවක් වේදිකාව අලංකාර කළ සම්භාව්‍ය නාට්‍ය ශිල්පියෙකි.
වසර පනහකට අධික කාලයක් සිංහල වේදිකා නාට්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් කැප වූ විජය නන්දසිරි මනමේ නළුවට අමතරව සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිළෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී , වැනි ජනාදරය දිනා ගත් වේදිකා නාට්‍ය රාශියකට නිර්මාණයෙන් සහ රංගනයෙන් දායක විය.
පසු කාලයෙහි සිනමාවට එක් වූ ඔහු නෑදෑයෝ ,බංගලි වළලු සහ සඳකඩ පහණ වැනි චිත්‍රපට තුලින් වේදිකාව මෙන්ම රිදී තිරය ද තමාට ආගන්තුක නොවන බවයි පසක් කළේ.
අවසන් කාලයේ ඔහු රංගනයෙන් දායක වූ සිකුරු හතේ, සුහද කොකා ,කිං හන්තර් ,සර් ලාස්ට් චාන්ස් වැනි නිර්මාණ ප්‍රහසන සිනමාවේ ප්‍රදර්ශන වාර්තා තැබීමට සමත් විය. නෝනාවරුනි  මහත්වරුනි, යර්ස් බොස් ඔහුගේ ජනප්‍රිය ටෙලිනාට්‍ය විය.
රූපවාහිනිය රටට හඳුන්වා දුන් මුල් සමයේ පටන් පුංචි තිරයට ගොඩ වූ විජය නන්දසිරිගේ බිරිඳ දේවිකා මිහිරානි ශ්‍රී ලංකාවේ පළමු ටෙලි වෘත්තාන්තය හැටියට සැලකෙන ඩී .බී. නිහාල්සිංහයන්ගේ 'දිමුතු මුතු' ප්‍රධාන චරිතයකට පණ දුන්නාය.

විජය නන්දසිරි මහතා ජනප්‍රිය නිවේදකයකු සහ ගායකයකු ද වෙයි.


'පිළිකා මරණ වැඩි සංඛ්‍යාවකට හේතුව මුඛ පිළිකා'

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුල පිළිකාවක් ලෙස මුඛ පිළිකාව නම් කර ඇති අතර සෑම අවුරුද්දකටම දෙදහස් පන්සීයක් පමණ රෝගීන් අලුතින් ලියාපදිංචි වන තත්වයක් පවතී.මීට අමතරව ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය හේතුවෙන් මරණයට පත් වන පිරිසෙන් වැඩිම සංඛ්‍යාව මුඛයේ පිළිකා හේතුවෙන් මිය යන බව සොයාගෙන තිබේ.
මුඛ පිළිකා හට ගැනීමට බළපාන ප්‍රධාන හේතු කිහිපයක් ඇත අතර මූලික හේතුව ලෙස ග්‍රාමීය සහ වතුකරයේ ජනතාව බුලත් කැමේ පුරුද්දට ඇබ්බැහි වී තිබීම පෙන්වා දිය හැකිය.බුලත් හැපීමේ දී දුම්කොළ නොමැතිව බුලත්විට සැපුවත් මුඛ පිළිකාවලට දුම්කොළ ශරීරයට අහිතකර බවට කාලයක් මුළුල්ලේ මිනිසුන් අතර දැනුවත් භාවය වර්ධනය වී තිබෙන නිසාත් 15% ක පමණ ප්‍රතිශතයක් දුම්කොළ රහිතව බුලත් විට කෑමට පුරුදු වී සිටින අතර  පුවක් සැපීම දුම්කොළ වැනිම පිළිකා කාරකයක් වන බව සොයා ගෙන තිබේ..
පුවක් ප්‍රධාන පිළිකා කාරකයක්
බොහෝ විට මිශ්‍රණය කළ පුවක්, පැකට්ටු වශයෙන් විකිණීමට ඇති අතර බාබුල්, මාවා හාන්ස් යන නම් වලින් මෙම මත් පුවක් නිෂ්පාදන වෙළඳපොළ තුළ ප්‍රචලිතව පවතී.මින් හාන්ස් නම් වර්ගයට දුම් කොළ, හුණු සහ තවත් සිරුරට අහිතකර රසකාරක එක් කර ඇති අතර එහි බුලත් අන්තර්ගත නොවේ.
මහළු වයසේ පසුවන බොහෝ රෝගීන්ට මුඛ පිළිකා වැළඳීමේ හේතුව බුලත්විට සැපීම වුවත් මේ වන විට විශාල වශයෙන් තරුණ පිරිස් මෙවැනි පුවක් පැකට් ආහාරයට ගැනීමෙන් මුඛ පිළිකාවලට ගොදුරු වෙමින් සිටින බව වෛද්‍ය මතය වී තිබේ.
ඊට අමතරව මුඛ පිළිකා වලට හේතු වන මත්පැන්, දුම්වැටි සහ බුලත්විට යන සියල්ලම භාවිතා කරන පුද්ගලයන් ඉතා අඩු වයසින් මුඛ පිළිකා වලට ගොදුරුවන බවත් ඔවුන්ගේ ශරීරයේ පිළිකාව ඉතා සීග්‍රයෙන් පැතිරයාමේ ඉඩකඩ ඉහළ බවත් හදුනාගෙන තිබේ.
පූර්ව පිළිකා රෝග ලක්ෂණ
බුලත් විට ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ කම්බුලේ ඇතුළු පැත්තේ සහ බීඩි, සිගරැට් පානය කරන්නන්ගේ මුඛයෙ කෙරවත් පිළිකා ඇතිවන අතර ලංකාවේ තවමත් වැඩියෙන්ම වාර්තා වන්නේ කම්බුල ඇතුළු පැත්තේ පිළිකා බව සොයා ගෙන තිබේ. ඊට අමතරව උගුරේ සහ දිව ආශ්‍රිතවත් මේ වන විට ශ්‍රී ලංකාවේ පිළිකා වාර්තා වෙමින් පවතී.
මුඛ පිළිකා රෝගීන්ගෙන් 70%ක්ම රෝහල් වෙත පැමිණෙන්නේ පිළිකාවේ අවසාන අධියර දෙකේදී පමණක් වන අතර මෙය දැනට පවතින විශාල ප්‍රශ්නයක් වී තිබේ.
මුඛ පිළිකාවක් වැළඳී ඇති බව හඳුනා ගත හැක්කේ කෙසේදැයි දැක්වීමේදී  "මුඛ පිළිකාවක් හට ගැනීමට  කළින් සුදු හා රතු ලප එක්ක පූර්ව පිළිකා තත්ව කටේ මතු වේ. උදාහරණයක් වශයෙන් බුලත් විට කන කෙනෙක්  කටේ බුලත් විට තියා ගෙන ඉන්න තැන, මෙම ලප ඇති වෙනවා. පළමුව සුදු පාටට මතුවන ලපය, පසුව රතු වෙලා, තුවාලයක් වෙලා පිළිකාව බවට පරිවර්තනය වන බව වෛද්‍ය මතයයි.
පූර්ව පිළිකා අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් පහසුවෙන් සුව කළ හැකි බැවින් මුල් අවධියේදීම පිළිකාව හඳුනා ගැනීම ඉතාමත් වැදගත් බව පෙන්වා දෙයි.
පුවක් වලින් ඇති වන පිළිකා තත්වය ඉතා භයානක බව පවසන ඔහු කියා සිටියේ ලෝකයේ මෙම පිළිකාවට ගොදුරු වූ ලාබාලතම රෝගියා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි.






Thursday, August 11, 2016

විටමින්
විටමින් යනු අපගේ පෝෂණයට අත්‍යාවශ්‍ය අපගේ ආහාරයේ තිබිය යුතු පෝෂණ පදාර්ථ විශේෂයක්. විටමින් අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍යම ද්‍රව්‍යයක්.
අප ගන්නා ආහාරවල තිබෙන කාබෝහයිඩ්රේට මේදය, ප්‍රෝටීන වැනි පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගැනීමට එම ද්‍රව්‍ය කුඩා කොටස් වලට කැඩී වෙන්විය යුතුයි. ඒ සඳහා උපකාරී වන්නේ ශරීරයේ තිබෙන එන්සයිම එම එන්සයිම ක්‍රියාකාරී වීමට විවිධ විටමින් වර්ග අවශ්‍යයි.

විටමින් වර්ග
ප්‍රධාන වශයෙන් ම විටමින් වර්ග කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. A ජලයේ දියවන විටමින් වර්ග සහ මේදයේ දියවන විටමින් වර්ග ලෙස. විටමින් A, විටමින්  D සහ විටමින් E, K යන වර්ග මේදයේ දියවී ඇති විටමින් වර්ග.මේදයේ දියවී ඇති විටමින් වැඩිපුර ශරීරයට ලබාගත් විට පහසුවෙන් ශරීරයෙන් ඉවත්වන්නේ නෑ. එම මේද කොටස් ශරීරයේ විවිධ ස්ථානවල තැන්පත් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා පසුකාලීනව විවිධ රෝගාබාධවලට මුහුණ පෑමට ඔබට සිදුවන්නට පුළුවන්.
විටමින් D සහ විටමින් C දියවී ඇත්තේ ජලයේ. ජලයේ දියවී ඇති විටමින් අවශ්‍ය පමණට වඩා ශරීරයට ගත්තත් හානියක් සිදුවන්නේ නෑ. ඒ ඉතා පහසුවෙන් ඒවා ශරීරයෙන් පිටවී යන නිසයි.

විටමින්වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන
විටමින්
ශරීරයට ලැබෙන විටමින් A ප්‍රමාණය අඩුවීම අස්ථි වර්ධනයට ඍජුවම බලපානවා. අපගේ සම ඉක්මනින් රළු වීමට විටමින් A ඌනතාවය හේතු වෙනවා. විටමින් A ඌනතාවය විශේෂයෙන් ම බලපාන්නේ ඇස්වලට. ටමින් A ශරීරයට වැඩිවීමත් ප්‍රබල ගැටලුවක්. පමණට වඩා ශරීරයේ විටමින් ඒ වැඩිවීම අක්මාව සහ අස්ථි ආශ්‍රිත රෝගවලට හේතුවක්.විටමින් A කිරි, මස්, බිත්තර වැනි සත්ව ආහාරවල බහුල වශයෙන් අඩංගු වෙනවා. ඊට අමතරව කැරට්, බතල, පලා වර්ග ආදියේත් විටමින් බහුලව A තිබෙනවා.
විටමින් B
විටමින් B යනු විටමින සංකීර්ණයක්. විටමින් B1, B2, B4, B5, B6, B12 ලෙස ඒවා නම් කෙරෙනවා.B කාණ්ඩයේ විටමින අප එදිනෙදා ගන්නා සත්ව ආහාරවල මෙන් ම ධාන්‍යවලද ඉතා සුලභව තිබෙනවා. බයොටින් නම් විටමිනය අයත් වන්නේත් විටමින් B යටතට. බයොටින් සත්වමය ආහාරවල මෙන් ම තක්කාලිවලත් බහුලව තිබෙනවා.
විටමින් C
දොඩම්, නෙල්ලි වැනි ආහාරවල විටමින් C බහුලයි. විටමින් C අප ගන්නා ආහාරවල පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගැනීමට බෙහෙවින් උපකාර වෙනවා.මෙනිසා ප්‍රධාන ආහාර වේලකට පසුව විටමින් C අඩංගු පලතුරක් ආහාරයට ගත යුතු වේ. විදුරු මස් වලින් රුධිර වහනය, කැසීම් නිසා නිතර තුවාල ඇතිවීම සහ එම තුවාල සුවවීමට කලක් ගතවීම වැනි තත්ත්වයක් විටමින් C ශරීරයට අඩුවීම නිසා ඇතිවිය හැකියි.එළවළු සහ පලතුරු වල විටමින් C බහුලව අඩංගු වන අතර ඒවා සිහින්ව කැපූවිට විටමින් C විනාශ වෙනවා. ආහාර අධික උෂ්ණත්වයට රත් කිරීම ද විටමින් C විනාශ වීමට එක් හේතුවක්.
විටමින් D
අපේ සමේ යම් යම් කොටස් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් අපගේ සම මතම විටමින් D නිපදවෙනවා. මුහුදු මසුන්ගේ අක්මා තෙල්වලින්, බිත්තර කහමදයේත් විටමින් D බහුලයි.
විටමින් D අඩුවීම එම දරුවා Rickets නම් රෝග තත්ත්වය ඇතිවීමටත් වැඩිහිටියකුගේ ශරීරයේ විටමින් අඩුවීම Osteomalasia නම් රෝග තත්ත්වය ඇතිවීමටත් හේතුවන බව සොයාගෙන තිබෙනවා.
විටමින් K
විටමින් K අපගේ රුධිරය කැටි ගැසීමට අවශ්‍යව ද්‍රව්‍යයක්.මේ නිසා කිසියම් අයෙක් විටමින් K ඌනතාවයකින් පෙළෙන්නේ නම්, රුධිරය කැටි නොගැසීමෙන් විවිධ ආපදා ඇතිවිය හැකියි. එය ඉතා භයානක තත්ත්වයක්.
විටමින් E
විටමින් ප්‍රති ඔක්සිකාරක විශේෂයක් ලෙස මිනිස් සෛල කෙරෙහි ක්‍රියාකරනවා. මිනිස් සෛල පටලවල ස්ථාවර බවට විටමින් E ඉතා යෝග්‍ය බවත් සොයාගෙන තිබෙනවා. සෝයා, තිරිඟු, අලි පේර, බතල වැනි ආහාරවල විටමින් ඉතා බහුලයි. වර්තමානයේ මෝස්තරයක් වී තිබෙන ආකාරයෙන් විටමින් E කරල් ලෙස ගැනීම ශරීරයට අහිතකර විය හැකියි.