Sunday, July 31, 2016


මිහිරි රසැති මැංගුස්

                      ගාසිනියා මැංගුස්ටානා යන විද්‍යාත්මක නමින් හදුන්වන මැංගුස් නැගෙනහිර ඉන්දියානු දූපත්වල මලයාසියාව මව්බිම කර ගනිමින් වැඩුණු මෙම පලතුර අප රටට 1900 දී පමණ ගෙන එන්න ඇතැයි තොරතුරු වාර්තාවල සඳහන්ව ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 500 ක් දක්වා වූ ප‍්‍රදේශවල සාරවත්ව වැඩෙයි. දොඩම් සඳහා බිබිලේ ප‍්‍රසිද්ධ මෙන් මැංගුස් කී පමණින් කළුතර දිස්ති‍්‍රක්කය ප‍්‍රසිද්ධත්වයට පත්ව ඇති අතර පාසල්වල කි‍්‍රකට් තරග පවා මැංගුස්ටින් සටන ලෙසින් නම් කර ඇත.මේ අයුරින් මලයාව, ජාවා, සුමාත‍්‍රා, ඉන්දියාව යනාදී රටවල ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත. තවද මිශ‍්‍ර වගාවක් වශයෙන් වගාකිරිමට විශේෂ හැකියාවක් මෙම ශාකයට ඇත. මහනුවර වට්ටාරන්තැන්න විශාල වශයෙන් මෙම ශාකය වගා කරනු ලබයි.

                   මාලයාසියාව මැන්ගුස්ටා යනුවෙන්ද දෙමළ භාෂාවෙන් මැන්ගුස් කාබි යනුවෙන්ද හඳුන්වනු ලබයි. අප රට මැංගුස් ලෙසින් උච්චාරණය කරයි.මැංගුස් ගසේ ව්‍යාප්තිය බීජ මගින් සිදුවන අතර එක ගෙඩියක මදුළු පහක් හයක් හටගන්නා අතර ඒ හා සමානව බීජ ද වර්ධනය වේ. බීජයක් පැළවීමේ කාලය කෙටි බැවින් ඉක්මනින් තවාන් කිරීම කළ යුතු වේ. මෙහිදී පැළවීමේදී ප‍්‍රථමයෙන් මතුවන රතුපාට පත‍්‍ර දෙක ආරක්‍ෂා කළ යුතු වේ.මීටර් 10 යක් පමණ උසට වැඩෙන මෙම ශාකය කේතු ආකාර හැඩයෙන් යුක්ත ඉතා සවි ශක්තියෙන් යුතු ලීයකින් යුක්ත ශාකයකි. මෙම ලීය නිවාස සෑදීමට ගනු ලබයි. මෙහි ඵල දැරීමට වර්ෂ 10 – 12 ක් පමණ කාලයක් ගතවේ. මෙම ශාකයේ මල් හටගන්නා කාලයේ මල් සල්මලක් සේ ඈතට දිස්වේ. මෙහි විශේෂත්වය නම් මෙම මල් මැන්ගුස් ගෙඩිය කඩා ගැනීමට සුදුසු තත්ත්වයට පත්වන තුරු තිබීමයි. තවද කුඩා කල මැංගුස් ගෙඩිය කොළ පාට වන අතර මැංගුස් ගෙඩිය මෝරා කෑමට සුදුසු වන විට රතු පාට වී හොඳට ඉදුණු පසු කළුපාටට හුරු වේ.මෙහි මැංගුස් ගෙඩි කඩා ගැනීමට අතු පතර ගමන් කිරීමට පහසුවන අතර අතු ඉතා සවි ශක්තියෙන් යුක්ත වේ. ඉදෙන කාලයේදී කුරුල්ලන්ගෙන් හා ලේනුන්ගෙන් බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ. සුළු ව්‍යාපාරිකයන් හට ආදායම් ලබාදෙන දේශීය ආර්ථික භෝගයකි.

මැංගුස්වලින් නීරෝගිමත් ජීවිතයකට ලැබෙන  ප්‍රයෝජන
01.ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය
මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් හෘද වස්තුවේ රෝගවලට ගුණදායකය. එමෙන්ම පිලිකා නාශක ගුණයක් ද පවතී. එසේම වයස්ගත වීම අඩු කරන අතර කායික හා මානසික රෝග සදහා වඩාත් ගුණදායකය.

02.අඩු කැලරි ප්‍රමාණය
 මැංගුස්වල අඩු කැලරි ප්‍රමාණයක් හා අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු නිසා ස්ථුල පුද්ගලයන්ට සුදුසු ය. එසේම එහි අඩංගු තන්තු නිසා සිරුරේ බර අඩු කර ගැනීමට ද දායක වේ.

03.විටමින් සී
මැංගුස්වල අඩංගු විටමින් සී වලින් පොහොසත් නිසා විෂ බීජ ආශ්‍රිත රෝග වැලදීම අඩු කරයි. එසේ ම එහි ඇති ප්‍රොලේට් නිසා ගර්භණි කාන්තාවන්ට සුදුසුය.

04.රුධිර සංසරණයට
මැංගුස්වල අඩංගු සංඝටක රතු රුධිරාණු වර්ධනය වැඩි කරන අතර රක්තහීනතාවය වලක්වයි. එසේම ලේ ගමනාගමනය වැඩි කරන අතර එමගින් අධිකොලෙස්ටරෝල්,හෘදයාබාධ ඇති රෝගීන්ට වඩාත් සුදුසු ය. එසේ ම ඇස්වල ලේ ගමනාගමනය වැඩි දියුණු කර පෙනීම පෙනීම වැඩි කිරීමටද උදවු වේ.

05.කොලෙස්ටරෝල් අඩු කිරීම
කොලෙස්ටරෝල් අඩු කිරීමට ඇති හැකියාව නිසා මනුෂ්‍ය හෘදයේ ක්‍රියාශීලිත්වය වැඩි කරයි. 

06.ටියුබකියුලෝසිස්
මැංගුස්වල ඉහල ප්‍රතිබැක්ටීරියා නාශක හා ප්‍රතිදිලීර නාශක ගුණාංගයන් පවතින බැවින් ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. එබැවින් ටියුබකියුලෝසිස් රෝගීන්ට වඩාත් ගුණදායකය.

07.පිලිකා මර්දනයට
මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් පිලිකා හා හෘද වස්තුවේ රෝග සදහා වඩාත් ගුණදායක ය. එහි ඇති ඇන්ටි ඔක්සිඩන්ට් නිසා ශරීරයේ ඇති වන නිදහස් මුක්ත ඛණ්ඩ ප්‍රමාණය අඩු කර පිලිකා හා හෘද වස්තුවේ රෝග අඩු කර නිරෝගීභාවයට උදවු වේ.

08.රුධිර පීඩනය අඩු කිරීම
මැංගුස්වල බහුලව අඩංගු ඛණිජමය අයන වන කොපර්මැග්නීසියම්මැංගනස් හා  පොටෑසියම් මගින් ආඝාතය හා හෘද කිරීට ආශ්‍රිත රෝගවලට එරෙහි ව ආරක්ෂාව සපයා රුධිරය ගලා යාමට පහසු කරවයි.

09.ඇල්ෂයිමිර් රෝගය
මැංගුස්වලින් ලැබෙන ප්‍රධානතම සෞඛ්‍යමය යහපතක් වනුයේ  ඇල්ෂයිමිර් රෝගය සදහා ප්‍රතිකාරයක් වීමයි. මේ රෝගය සංකූලතාවය හා මතක තබා ගැනීමේ අපහසුතාවය හා අනුබද්ධ රෝග ලක්ෂණයකි.

10.සමේ නිරෝගී පැවැත්මට
 මැංගුස්වල අඩංගු ප්‍රතිබැක්ටීරියාකාරක ගුණය නිසා මැංගුස් මගින් සමේ පෝෂණයට බෙහෙවින් දායක වේ. මුහුණේ කැලැල්සමේ තෙල් ගතිය හා වියලි සමට මනා ප්‍රතිකාරයක් ලබා දෙයි. එමෙන් ම සෛල නිපදවීම උත්තේජනය කරයි. 

11.ඔසප්වීමේ දී දැනෙන වේදනාව අඩු කරයි.
වයසට යෑමත් සමග ම ඔසප් වීමේ දී දැනෙන කරකැවිල්ලඅධ්‍යාතතිය හා කිසිවෙකුත් නොරිස්සන ස්වභාවය ආදි රෝග ලක්ෂණ මග හරවා ගැනීමට ද මැංගුස්වල අඩංගු සංඝටක උපකාරී වේ.



12. ආහාර මාර්ගය ආශ්‍රිත රෝගවලට ගුණදායක වේ.











Friday, July 29, 2016

සෙල්ෆි රැල්ල.........

සෙල්ෆි කියන්නේ ඡායාරූප ගන්නා තැනැත්තා පෙනී සිටින ආලේඛ්‍ය ඡායාරූපයටයි. එය ගනු ලබන්නේ සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් නැතහොත් කැමරාෆෝන් එකකිනි.සෙල්ෆි වඩාත් ජනප්‍රිය වීමට කැමරාෆෝන් සහ ෆේස්බුක් වැනි සමාජජාලා හේතු විය.දිනකට සෙල්ෆි මිලියන ගණනාවක් ගන්නා බව සදහන් වේ. 

වර්තමානය වන විට දේශපාලකයින්, ලෝක නායකයින් ,මිතුරු මිතුරියන් අතර වයස් ජාති භේදයකින් තොරව මෙම සෙල්ෆි රැල්ල ව්‍යාප්තව පවතී.නළු නිළියන් එකතුවන තැන්වල , ලෝක නායකයින් එකතුවන තැන්වල ,විශේෂ උත්සව අවස්ථාවල සෙල්ෆි ගැනීම අද ජනප්‍රිය වී තිබේ.

සෙල්ෆි නැමති වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එකතු වූයේ 2013 දීය.නමුත් අදවන විට එය එදිනෙදා භාවිත ශබ්දකෝෂයේ නිතර හුවමාරු වන වචනයකි.ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ සෙල්ෆි යන්න අරුත් ගන්වා ඇත්තේ අතේ දුරින් කැමරාවක් හෝ ස්මාට් ෆෝන එකක් තබාගෙන තමන්ගේ මුහුණේ ඡායාරූපයක් ගැනීමයි. සෙල්ෆි ලෝකය තුළ මෑතකදී ජනප්‍රිය වුවත් මුල්ම සෙල්ෆිය ගෙන තිබෙන්නේ 1839 දී රොබට් කෝර්නේලීස් නමැති ඡායාරූප ශිල්පියායි.

වර්තමානය වන විට සෙල්ෆි වර්ග ගණනාවක් හදුනා ගත හැකිය.ඒ අතර ෆින්ටන් ජන්කි නමැති ව්‍යායාම කිරීමෙන් සාදාගන්නා ඇග පෙන්වීමට ගනු ලබන සෙල්ෆි වර්ගයකි. මීට අමතරව ඇඹුල් සෙල්ෆි, වැකේෂන් සෙල්ෆි, යාළු මාළුවෝ සෙල්ෆි, බබාලගේ හුරතල් සෙල්ෆි, කම්මැලි සෙල්ෆි, තරු සෙල්ෆි ආදී ගණනාවත් වේ. මෑත කාලයේදී ලංකාවේ ජනප්‍රිය සෙල්ෆියක් බවට පොලීසිය තරුණයන් දෙදෙනෙකුට දඩ ගසන අවස්ථාවක ගන්නා ලද ඡායාරූපය දැක්විය හැකිය.

ලෝකයේ ජනප්‍රියම සෙල්ෆිය බවට පත්ව තිබෙන්නේ 2014 ඔස්කාර් සම්මාන උළෙලේදී ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් එකට එක්ව සිට ගන්නා ලද ඡායාරූපයකි.

සෙල්ෆි මගින් මුල්කාලයේ ප්‍රසිද්ධිය ලබා ගැනීමට හැකිවුවත් වර්තමානයේ සමාජ මාධ්‍ය අපේ ජීවිතයේ කොටසක් වී ඇති බැවින් සෙල්ෆි අප්ලෝඩ් කරන්නන්ට හොද හා නරකට මුහුණ දීමට සිදුව ඇත. විකෘති මානසික තත්ත්වයක් ඇති අය කාන්තාවන්ගේ සෙල්ෆි ඡායාරූප වැරදි අන්දමට භාවිත කිරීම වාර්තා වී තිබේ. එමෙන්න ඇතැම් පුද්ගලයන් සෙල්ෆි වලට ලැබෙන ප්‍රතිචාර මත තම දිවියේ එක් එක් අංග වෙනස් කර ගැනීම කරයි. ඇග අඩු කර ගැනීමට උත්සහා කිරීම, විවිධ ප්ලාස්ටික් සැත්කම් වලින් රූපය ලස්සන කර ගැනීමට කටයුතු කිරීම, සිය දිවි නසා ගැනීම,මානසික රෝගවලට ලොදුරු වීම දැක ගත හැකිය.


කෙසේ වෙතත් මෙම සෙල්ෆි රැල්ල තුළ අවධානය යොමු කළයුතු කරුණු කීපයකි. සමාජ මාධ්‍ය මගින් අප දකින සුන්දරත්වය ප්‍රසන්න බව හා පොහොසත්බව ව්‍යාජ දේවල් මිස සත්‍ය ලෝකයේ පවතින සැබෑ අරුත් නොවේ.ඕනෑම අයෙකුට ලබා ගත හැකි බැවින් තරුණියන් හා කාන්තාවන් සෙල්ෆි ආදිය සමාජ මාධ්‍ය වලට එකතු කිරීමේදී පරිස්සම් විය යුතුය. 


Saturday, July 23, 2016

ටජිකිස්ථානයේ  “නොසිකා කරමටොල්ලා”  ටජික් බසින් ලෝකයේම ආදරය දිනාගත් “නගූ නගූ”  ගීතයේ අදහස මෙන්න.

බිංදු බිංදු වැසි වහින්න පටන් ගනීවී
දෙනෙත් තෙමේවී
ඔබේ ආශාවෙන්
ඔබ ගැන පුංචි ආදරයක් පටන් ගනීවි...........
පවසනු එපා,  පවසනු එපා,  පවසනු එපා
එය කවදාවත් වෙන්නෙ නෑ කියා
අනේ නැවත මා වෙත එන්න

මාගෙන් ඈතට නොයන්න
ඔබ මා වෙත නොආවොත් මගෙ සිත දුකින් තැවේවී.........
මගේම ප්‍රේමය , මගේම ප්‍රේමය ,  මගේම ප්‍රේමය.....
මගෙ හදවත සූදානම් වන තුරු
මේ පුංචි ආදරය උමතුවේවි ඔබ ගැන
මගේ සුභ පැතුම් මා දයාබරයාණෙනි,
ඔබේ දුක තැවුල දවාලන්න මේ පුංචි ආදරය මතුවුණා
පවසනු එපා,  පවසනු එපා,  පවසනු එපා ..........
එය කවදාවෙන්නෙ නෑ කියා

අනේ නැවත මා වෙත එන්න
මාගෙන් ඈතට නොයන්න
ඔබ මා වෙත නොආවොත් මතෙ සිත දුකින් තැවේවි

මගේම ප්‍රේමය , මගේම ප්‍රේමය ,  මගේම ප්‍රේමය.....






Wednesday, July 13, 2016










                                                      
Add caption
ලෝක සෞඛය සංවිධානය විසින් මිනිස්  මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක් මෙසේ දක්වා තිබේ.

මිනිසා  නොදැන නොහිත කරන පුංචි පුංචි දේවල් නිසා මොළය ට හානි සිදුවේ..මේ විදියට දවසින් දවස සිද්ධ වෙන හානි නිසා මොළයෙන් ගොඩක් වැඩ ගන්න අමාරු වේ..මේ වගේ මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ පුරුදු වලින් කීයක් ඔබ ලඟත් තිබේදැයි සිතා බලන්න.
1-උදේ අහාර නොගැනීම.
ලොකු පොඩි ගොඩක් දෙනෙක්ට දැන් උදේ අහාරය ගන්න එක මග ඇරෙනවා. ඉස්කෝලේ යන දුල පුතාලට නම් හුඟක් වෙලාවට දහවල් විවේක කාලය ලැබෙනකම් උදේ ආහාරය ගන්න ලැබෙන්නේ නෑ.මේ නිසා උදේ ඉගෙන ගන්න දේවල් තේරුම් ගන්න, මතක තියා ගන්න මොළයට අවශ්‍ය පෝෂක නොලැබී යනවා. එයින් මොළයට හානි සිදු වෙන්න පුළුවන්.

2-
වැඩිපුර අහාර ගැනීම.
ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕන නැහැ කියනවනේ.අන්න ඒ වගේ අහාර නොගෙනම සිටීම විතරක් නෙවේ, වැඩිපුර අහාර ගැනීමත් හොඳ නැහැ. මේ නිසා මොළයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා.
3-දුම් පානය.
මේ නිසා මොළයට බහු විද හානි සිදු වෙන්න පුළුවන්.තමන් දුම් පානය නොකලත් වෙනත් කෙනෙක් දුම් පානය කරද්දී ඒ දුම අග්‍රාහනය කිරීම (අක්‍රීය දුම් පානය) නිසාත් මෙය සිද්ද වෙන්න පුළුවන්.ඒ විතරක් නෙවේ මදුරු දඟර දුමත් සිගරට් 52 ක දුම තරම් ප්‍රබලයි කියල සොයාගෙන තියෙනවා.
4-සීනි සහිත අහාර වැඩිපුර ගැනීම.
ලොකු පොඩි කව්රුත්  පැණි රස කන්න හුඟක් කැමතියිනේ..හැබැයි ඉතින් වැඩිපුර සීනි අහාරයට ගැනීම නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වගේ වැදගත් පෝෂක ලැබීම අඩු වෙනවා.මෙය මොලයේ වර්ධනයට අහිතකරයි.
5-වායු දුෂණය.
මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩු වෙනවා.මොළය තමයි ශරීරයට ලැබෙන ඔක්සිජන් වලින් 20%ක්ම භාවිතා කරන්නේ.මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් එයට හානි සිදු වෙනවා.

6-අඩු නින්ද.
මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නින්දෙන්.පාඩම් කරන දේ මතක තියා ගන්න, විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක්. නින්ද මදි උනාම මතක සෛල මිය යනවා.
7-නින්දේදී හිස ආවරණය කර ගැනීම.
ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති.මෙය ඉතාමත් නරකයි.මොකද ඒ නිසා නින්දේදී අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා.එතකොට මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා.
8-අසනීපයෙන් සිටින විට මොළය වෙහෙස කිරීම.
අසනීප අවස්ථා වල පාඩම් කිරීම,මොලය වෙහෙසවා වැඩ කිරීම නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන්.
9-ප්‍රබෝධාමත් සිතිවිලි අඩු වීම.හොඳ සිතිවිලි මොළය පුහුණු කරවන්න හොඳම ක්‍රමයයි.නිතරම කල කෙරුණු ඍනාත්මක සිතිවිලි වලින් සිටීම නිසා මොළයේ ක්‍රියාශීලිත්වය අඩුවෙනවා.

10-
අඩුවෙන් සිතීම.
යන්ත්‍රයක් වුනත් හොඳින් වැඩ කරන්නේ එයින් වැඩ ගන්න කොටයි.මොළයත් ඒ වගේ.
නිතරම තමන් ඉගෙන ගන්න දේ ගැන අහන දකින දේ ගැන ප්‍රශ්න කරමින් බුද්ධිමය සංවාද ඇති කර නොගැනීම මොළයේ කාර්යක්‍ෂම බව අඩු කරනවා.

ඔබ මොළයෙන් සිතා හදවතින් වැඩ කරන්න. එවිට ඔබට මොළයත් හදවතත් දෙකම ආරක්ෂා කර ගත හැකිය.

Tuesday, July 12, 2016

හිතන්න........

අතීතය ගැන නෙවෙයි.........

වර්තමානට ගැන.........

බලාපොරොත්තු තියාගන්න........

කවදාවත් නොලැබෙන දේ ගැන නෙවෙයි...........

තමන්ට ලබාලන්න පුළුවන් දේ ගැන.........

හීන දකින්න..........

ඉක්මණට බොදවෙලා යන දේවල්ගැන නෙවෙයි..........

තමන්ට ලබා ගන්න පුළුවන් දේ ගැන...............

මතක තියාගන්න..........

මතක් කරනවිට දුක හිතෙන දේවල් නෙවෙයි...........

සතුටින් හිනාවෙන්න පුළුවන් දේවල් ගැන...........

ආදරේ කරන්න................

දුරස් වෙන්න හදන අයට නෙවෙයි.............

හැමදාම ආදරෙන් ළග ඉන්න අයට.................


පිළිකා රෝගීන්ට සුදුසු ආහාර හා ජීවන රටා


කෘෂි රසායන නො යෙදූ නැවුම් පලතුරු හා එළවළු හැමවිට ම යහපත් ය. අමුවෙන් ආහාරයට ගත හැකි එළවළු හා පලතුරු තුළින් පිළිකා වර්ධනය වළක්වන එන්සයිම ශරීරයට ලැබේ. නිතර ආහාරයට අමු එළවළු (සලාද, මැල්ලූම් ආදිය) එක්කර ගන්න.
නිතර සීනි නො යොදා පලතුරු යුෂ පානය කිරීම ද ඉතා හිතකර වේ.
සුදු ලූනු ඔබේ ප‍්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.
කහ ශරීරයේ ගෙඩි සහිත තත්ත්වයන් ඇතිවීම වළක්වයි
පිරිසිදු ඔලිව් තෙල් ආහාරයට ගැනීම හිතකර ය.
කටු අනෝදා පිළිකා වළක්වන, මර්ධනය කරන පලතුරකි.
කැරට් අමුවෙන් ආහාරයට ගැනීම හෝ යුෂ පානය කිරීම ඉතා හිතකර වේ.
*Green Tea
පිළිකා නාශකයකි.
විටමින් සී සහ ඊ අඩංගු පලතුරු නිතර ආහාරයට ගන්න.
විටමින් D (දිනකට විනාඩි 20ක් පමණ උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය සපුරා ගත හැකි ය.*
පිරිසිදු ළිං ජලය (ශරීරයේ ආම්ලික ස්වභාවය පිළිකා වර්ධනයට රුකුලක් වේ. පිරිසිදු ජලය වැඩි ප‍්‍රමාණයක් පානය කිරීම හා දිනපතා පිරිසිදු ජලය ස්නානය කිරීම තුළින් සිරුරේ ආම්ලිකතාවය අඩු වේ.)
ඔක්සිජන් සහිත පරිසරයක පිළිකා ‍සෛල වර්ධනය සිදු නො වේ. දිනපතා ම ස්ව වායු ව්‍යයාමයන්හි නිරත වන්න.
 Anti-Oxidant අඩංගු ආහාර ශරීරයේ විෂ තත්ත්වයන් පාලනය කරයි. (ධාන්‍ය වර්ග, සුදු ලූනු, පැණි කොමඩු, වියළි මිදි ආදිය)
නිවුඞ්ඩ සහිත සහල් වර්ග (හෙළ පාරම්පරික සහල් වර්ග)
සියලූ ම ධාන්‍ය වර්ග හිතකර වේ.
කාබන් යම් පුමාණයක් ශරීරගත වීම මගින් ශරීරය තුළ පවතින පිළිකාකාරක විෂ තත්ත්වයන් පහව යන බව පර්යේෂකයන් සොයාගෙන ඇත. මෙහි දී ඔවුන් සොයාගෙන ඇත්තේ ග‍්‍රාමීය පරිසරවල වෙසෙන ජනතාව තුළට ආහාර තුළින් කාබන් ඇතුල් වීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති බවයි. (අඟුරුවලින් දත් මැදීමෙන්, බත් දංකුඩ, දර පෝරණු පාන්වල කළු පැහැති කොටස, රොටීවල පිළිස්සුන කොටස් ආදිය ආහාරයට ගැනීමේ දී නිරායාසයෙන් ම යම් කාබන් ප‍්‍රමාණයක් ශරීරගත වන බවයි.)
භාවනා කිරීම තුළින් සිරුරේ DNA සංයුතිය යහපත් ආකාරයට වෙනස් වන බවත් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.
තරහ වෛර නොමැති සිතින් වාසය කිරීම, සමාව දීම, මෙත් සිතින් කටයුතු කිරීම හා නිතර සතුටින් සිටීම තුළින් හිතකර හෝමෝන නිපදවන බව ද සොයාගෙන ඇත.
ඉහත කරුණු අධ්‍යයනය කිරීමේ දී කාරණා දෙකක් පැහැදිලි වේ. එනම් ධර්මානුකූලව බලන කල මාරයාට අයත් ඇස, කන, නාසය, දිව, කය, මනස තුළින් මාරයා විවිධාකාරයෙන් ඇතුළු වීමේ ප‍්‍රවණතාවය තාක්ෂණික ලෝකයේ දියුණුවත් සමග ම සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති බව ය. අනෙක නම් අතීතයේ අප සතුව තිබූ ධර්මානුකූල සරල ග‍්‍රාමීය ජීවන රටාව තුළ ඉහත කී පිළිකාකාරක කිසිවක් ම මුණ නො ගැසෙන අතර පිළිකා මර්ධක බොහොමයක් ම නිරායාසයෙන් ම ලැබී ඇති බව ය.
මෙම කරුණු දැනගෙන ඔබගේ ජීවන රටාව යහපත් ලෙස හැඩගස්වා ගැනීමෙන් හා එ්වා ඔබේ දූ දරුවන්ට කියා දීමෙන් නිරෝගී මතු පරපුරක් බිහිකර ගැනීමට හැකියාව උදා වේවා යන්න අපගේ පැතුමයි.

Monday, July 11, 2016

                  ලෝකයේ විවිධ රටවල තහනම් වූ අරුම පුදුම දේවල්

01.  ඉරානය - බටහිර කොණ්ඩ විලාසිතා

02.  චීනය - ගේම් කන්සෝල්ස්


03.  චීනය - රජයේ අවසරය නොමැතිව යළි ඉපදීම

04.  චීනය - ද්විමාන ඇවේටර් චිත්‍රපටය


05.  චීනය - පිච්ච මල්

06.  ග්‍රීසිය - වීඩියෝ ගේම්ස්


07.  රුසියාව - එමෝ විලාසිතාව

08.  සවුදි අරාබිය - වැලන්ටයින් දිනය


09.  ඩෙන්මාර්කය - ඕවල්ටයින් සහ මාර්මයිට්


10.  ඩෙන්මාර්කය - අලුත උපන් දරුවන්ට රජයෙන් අනුමත නොකරන ලද නම් තැබීම
  මල් කැකුළු සුරකින්නට මේ පියවර ඇතිද?

                   ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වේ. නමුත් විදේශීය හා වෙනත් සාධක නිසා සදාචාරාත්මක පිරිහීම් ඇති වූ අතර ළමා යහපැවැත්මට ඉන් මහත් බලපෑමක් එල්ල විය.ඒ මගින් ළමා අපයෝජන සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබේ.වර්තමානය වනවිට ලංකාවේ පවතින සමාජ ප්‍රශ්න අතර ළමා අපචාර ප්‍රමුඛ වේ.ළමා අපචාර පවතින කලාප වශයෙන් නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාව සැලකෙයි.නැගෙනහිර ආසියාවේ පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව ප්‍රමුඛ රටවල් වන අතර දකුණු ආසියාවේ ලංකාව, ඉන්දියාව ප්‍රමුඛ රටවල්  වේ.
               ළමයින් සදහා සිතාමතා කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් ,ළමා අපහරණ ආදී සියල්ල ළමා අපයෝජනය වේ. මව්පිය රැකවරණය අහිමි වීම, අන්ත දුගීභාවය, දරුවන් හුදෙකලා වීම, අයහපත් මිතුරන් ඇසුරු කිරීම, අන්තර්ජාලය ළමා අපචාර වලට හේතු වේ. එමෙන්ම සංස්කෘතික හා සමාජ සම්බන්ධතා පිරිහීමට ලක් වී තිබීමද ළමා අපචාර වර්ධනයට හේතු වී තිබේ.බොහෝ විට විවාහ වූ පිරිමි හා වයසක පිරිමි අතින් ළමයින්  අපචාරයට ලක් වේ.
              1970 න් පසු දේශපාලන වෙනස් වීම්ද 1997 විවෘත ආර්ථිකයත් සමග සංචාරක ව්‍යාපාරය හා තරගකාරී ජීවන රටාවද ළමා අපචාර වර්ධනයට හේතු වී තිබේ.ළමා ලිංගික අපයෝජනය, ගණිකා වෘත්තිය, විදේශිකයින්ට ළමයි විකිණීම, ළමයින් දූෂණය කර මරා දැමීම,මත්ද්‍රව්‍ය වලට පෙළඹවීම ළමා අපයෝජනය තුළ දැකිය හැකිය.
               80 දශකය පමණ වනවිට ළමා කායික හිංසනය  වරදක් බවත් 90 දශකය වනවිට ළමා ලිංගික අපයෝජනය බරපතල වරදක් බවත් ඒ මගින් අනාගතයේ ඇතිවන සමාජ අහිතකර  තත්ත්වය පිළිබදවත් අවබෝධ කරගත් ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥ්ඥප්තිය සමග අත්වැල් බැ‍ද ගත්හ.ළමා ආරක්ෂණය සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 1989  නොවැම්බර් 20 ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥ්ඥප්තිය සම්මත කරගත් අතර එය වගන්ති 54 කින් සමන්විත විය. එහි මුල් වගන්ති 42 ම ළමයා යනු කවුද, ළමා අයිතිවාසිකම්,ළමා ආරක්ෂාව පිළිබද දක්වා තිබේ.
                ළමා අපයෝජන වළක්වමින් ළමා අයිතීන් සුරැකිම සදහා ලංකා රජය මගින්  1995 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහය , 1998 අංක 28 දරණ 27 අධිකරණ පනත, 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය, අංක 5 දරණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනත, 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ආදී ලනත් සම්මත කරමින්  නෛතික පියවර ගෙන ඇත.
                මීට අමතරව ළමා ආරක්ෂණය සදහා දිස්ත්‍රික් ළමා අයිතිවාසිකම් කමිටුව, මානව හිමිකම් කොමිසම, රාජ්‍ය නොවන සංවිධාන, පොලිස් ස්ථාන, පරිවාස කාර්යාල දිස්ත්‍රික් මට්ටමෙන් නියෝජනය කරමින් පිහිටුවන ලදී.මීට අමතරව 1929 අංකය මගින්  ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය  ඇමතීමටත් පැමිණිලි ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය පියවර සකස් කර තිබේ.

              පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු ආරක්ෂා කිරීමට මෙම ආයතන පිහිටුවීමත් ගෙන ඇති  මෙම නෛතිකත් පියවර ඇතිද යන්න අද වනවිට අසන්නට දකින්නට ලැබෙන ළමා අපචාර හමුවේ ප්‍රශ්නයක් මතුව තිබේ.