මල්
කැකුළු සුරකින්නට මේ පියවර ඇතිද?
ශ්‍රී ලංකාව දියුණු හර
පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වේ. නමුත් විදේශීය හා වෙනත් සාධක නිසා
සදාචාරාත්මක පිරිහීම් ඇති වූ අතර ළමා යහපැවැත්මට ඉන් මහත් බලපෑමක් එල්ල විය.ඒ
මගින් ළමා අපයෝජන සීඝ්‍ර ලෙස
වර්ධනය වී තිබේ.වර්තමානය වනවිට ලංකාවේ පවතින සමාජ ප්‍රශ්න අතර ළමා අපචාර ප්‍රමුඛ
වේ.ළමා අපචාර පවතින කලාප වශයෙන් නැගෙනහිර ආසියාව හා දකුණු ආසියාව සැලකෙයි.නැගෙනහිර
ආසියාවේ පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව ප්‍රමුඛ රටවල් වන අතර දකුණු ආසියාවේ
ලංකාව, ඉන්දියාව ප්‍රමුඛ රටවල් වේ.
ළමයින් සදහා සිතාමතා කරනු ලබන නීති
විරෝධී ක්‍රියාවන් ,ළමා අපහරණ ආදී සියල්ල ළමා අපයෝජනය වේ. මව්පිය රැකවරණය අහිමි
වීම, අන්ත දුගීභාවය, දරුවන් හුදෙකලා වීම, අයහපත් මිතුරන් ඇසුරු කිරීම, අන්තර්ජාලය
ළමා අපචාර වලට හේතු වේ. එමෙන්ම සංස්කෘතික හා සමාජ සම්බන්ධතා පිරිහීමට ලක් වී
තිබීමද ළමා අපචාර වර්ධනයට හේතු වී තිබේ.බොහෝ විට විවාහ වූ පිරිමි හා වයසක පිරිමි
අතින් ළමයින් අපචාරයට ලක් වේ.
1970 න් පසු දේශපාලන වෙනස් වීම්ද
1997 විවෘත ආර්ථිකයත් සමග සංචාරක ව්‍යාපාරය හා තරගකාරී ජීවන රටාවද ළමා අපචාර
වර්ධනයට හේතු වී තිබේ.ළමා ලිංගික අපයෝජනය, ගණිකා වෘත්තිය, විදේශිකයින්ට ළමයි
විකිණීම, ළමයින් දූෂණය කර මරා දැමීම,මත්ද්‍රව්‍ය වලට පෙළඹවීම ළමා අපයෝජනය තුළ
දැකිය හැකිය.
80 දශකය පමණ වනවිට ළමා කායික
හිංසනය වරදක් බවත් 90 දශකය වනවිට ළමා
ලිංගික අපයෝජනය බරපතල වරදක් බවත් ඒ මගින් අනාගතයේ ඇතිවන සමාජ අහිතකර තත්ත්වය පිළිබදවත් අවබෝධ කරගත් ලංකාව එක්සත්
ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥ්ඥප්තිය සමග අත්වැල් බැද ගත්හ.ළමා ආරක්ෂණය සදහා
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 1989
නොවැම්බර් 20 ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥ්ඥප්තිය සම්මත කරගත් අතර එය
වගන්ති 54 කින් සමන්විත විය. එහි මුල් වගන්ති 42 ම ළමයා යනු කවුද, ළමා
අයිතිවාසිකම්,ළමා ආරක්ෂාව පිළිබද දක්වා තිබේ.
ළමා අපයෝජන වළක්වමින් ළමා
අයිතීන් සුරැකිම සදහා ලංකා රජය මගින් 1995
අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහය , 1998 අංක 28 දරණ 27 අධිකරණ පනත, 1998 අංක 29 දරණ
දණ්ඩ නීති සංග්‍රහය, අංක 5 දරණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනත, 2005 අංක 34 දරණ
ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ආදී ලනත් සම්මත කරමින් නෛතික පියවර ගෙන ඇත.
මීට අමතරව ළමා ආරක්ෂණය සදහා
දිස්ත්‍රික් ළමා අයිතිවාසිකම් කමිටුව, මානව හිමිකම් කොමිසම, රාජ්‍ය නොවන සංවිධාන,
පොලිස් ස්ථාන, පරිවාස කාර්යාල දිස්ත්‍රික් මට්ටමෙන් නියෝජනය කරමින් පිහිටුවන
ලදී.මීට අමතරව 1929 අංකය මගින් ජාතික ළමා
ආරක්ෂණ අධිකාරිය ඇමතීමටත් පැමිණිලි ඉදිරිපත්
කිරීමටත් අවශ්‍ය පියවර සකස් කර තිබේ.
පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු
ආරක්ෂා කිරීමට මෙම ආයතන පිහිටුවීමත් ගෙන ඇති
මෙම නෛතිකත් පියවර ඇතිද යන්න අද වනවිට අසන්නට දකින්නට ලැබෙන ළමා අපචාර
හමුවේ ප්‍රශ්නයක් මතුව තිබේ.
No comments:
Post a Comment