තාරුණ්‍යයට
අරමුණක්
ජීවිතය
ඉදිරියට ගලාගෙන යාමේදී ඒ සදහා අරමුණක් පැවතීම අවශ්‍ය වේ. අරමුණක් නොමැති වූ ජීවිතය
හිස් අවකාශයේ පාවෙන වළාකුළකට සමාන වේ. මිනිසාගේ ජීවන චක්‍රය තුළ සුන්දරතම කාලය
වන්නේ තරුණ අවධියයි. සුන්දරතම කාලය පමණක් නොව ජවසම්පන්නම අවධිය වන්නේද මෙම තරුණ
කාලයයි. නමුත් මෙම වටිනා ජීවිත වර්තමානය වනවිට කාලය කා දමමින් සුළගේ පාවෙන
ස්වභාවයක් හදුනා ගත හැකිය. තරුණ ජීවිත ජවසම්පන්න ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට
උත්සහ කළ යුතුය.
නමුත්
අද සමාජය විමසා බලන විට බොහෝ තරුණ ජීවිත
සමාජයක අතරමං වූ ස්වභාවයක් පවතී.විරැකියාව හේතුවෙන් පීඩා විදින තරුණ
තරුණියන් බොහෝ වෙති.විවිධ අරමුණු මුල් කරගෙන මහපාරේ කාලය කා දමන විශ්ව විද්‍යාල
තරුණ ජීවිත බොහෝ වෙති.මෙම තත්ත්වය තරුණ අසහනයට මූලික හේතුවකි.
තාරුණ්‍යය
තම ජීවිත කැප කළ යුත්තේ අනෙකාගේ යහපත
උදෙසාද යන්න ගැටළුවකි තමන්
මෙලොව උපත ලැබුවේ කවුරු හෝ අයෙක් වීමට
නොවේ.ජීවන ගමනේදී තමන්ගෙන් සමාජයට රටට ඉටුවිය යුතු කාර්යභාරයක් ඇති බව වටහා ගත යුතුය.එය ජීවිතයේ
අරමුණ කරගැනීමට වග බලා ගත යුතුය. තමාගේ
දක්ෂතා කුසලතා වලට අනුකූලව තමාගේ හැකියාවන් ගොඩ නගා ගැනීමට කටයුතු කළ යුතුය.එහිදී
තමා සතු මුළු ශක්තියම ඒ වෙනුවෙන් කැප කිරිම යහපතකි.තමා යා යුතු දිශාව තීරණය කරනු
ලබන්නේ තමා සතු එම ශක්තිය වේ.තම අරමුණු ඉටු කරගැනීමට යාමේදී පළමුව අසාර්ථකවිම් වේ. නමුත් එම අසාර්ථකත්වය
සාර්ථකත්වය උදෙසා මාර්ගය පාදා දෙනු ඇත.එමෙන්ම තම අරමුණු ඉටු කර ගැනීමට යාමේදී ක්ෂණීකව පිළිතුරු බලාපොරොත්තු නොවිය යුතුය.මන්ද
එය තාවකාලික ප්‍රථිඵලයක් විය හැකි බැවිනි. අරමුණ වඩාත් පරිපූර්ණ ලෙස ඉටු කරගැනීමට
ඒ සදහා අවශ්‍ය කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුය.ඒ කාලයේදී කිසිවක් නොවූ බවට
හැගී යා හැකිය.නමුත් ඉවසීම වඩාත් වටී.
එමෙන්ම
තම අරමුණු සදහා නිසි ප්‍රථිඵල ලැබෙන තුරු එය නිවැරදිව හදුනා
ගැනීමට හැකිවන්නේද නැත.නිහඩ කාලය තුළින් සාර්ථකත්වයට අවශ්‍ය ඉනිමං සැකසෙනු ඇත. ඒ
තුළින් ස්වභාවයෙන්ම අර්ථවත් තාරුණ්‍යක් ගොඩ නගා ගැනීමට හැකිවන අතර තාරුණ්‍යයේ
අරමුණු ඉටු කර ගැනීමට හැකිවෙනු ඇත.

No comments:
Post a Comment