Monday, July 11, 2016

                              රට රටවල පවතින  විශ්මිත අඹුසැමි සිරිත් විරිත්

                   ලොව පුරා ජීවත්වන අඹු සැමියන් අතර පවතින සිරිත් විරිත් සදාචාර සම්පන්නව ගොඩනැගී තිබේ.නමුත් ලෝකයේ ඇතැම් රටවල විවාහක ස්ත්‍රී පුරුෂයින් අතර පවතින සිරිත් විරිත් පුදුමාකාර වේ.විශේෂයෙන්ම ලිංගික සම්බන්ධතා පිළිබදව මොවුන් තුළ පවතින සිරිත් විරිත් විශ්වාස පුදුමය දනවන සුළුය.සදාචාර සම්පන්න සිරිත් විරිත් රකින රටවල ඇතැම්විට මේවා පිළිකුල් සහගත ලෙස බැහැර කරනු ලැබුවත් සමාජ මට්ටම අනුව ඒවා අනිවාරයෙන්ම ඉටුකළයුතු යුතුකම් ලෙස සැලකේ.
                 
                        මෙම සිරිත් විරිත් පිළිබදව වැඩිපුර අසන්නට දකින්නට ලැබෙන්නේ අප්‍රිකා රටවල් වලිනි.එම රටවල්වල ජීවත්වන මිනිසා තුළ ඇති මිත්‍යා විශ්වාස පදනම් කරගෙන මෙම සිරිත් විරිත් ගොඩනැගී තිබේ.
                       පුරාණයේ සයිප්‍රසයේ හා ඇල්ජීරියාවේ සමහර ගෝත්‍රිකයන් අතර විවාහ සිදුවීමේදී කාන්තාව ගණිකා වෘත්තියෙහි යෙදීමේ චාරිත්‍රයක් තිබුණ බව දැක්වේ.විවායට පෙර කාන්තාව ගණිකා වෘත්තියෙහි යෙදීමෙන් විවාහයට පසුව සැමියාට එල්ල වියහැකි භූත බලවේග වස්දොස් ආදී අපල ඉවත්වන බව දැක්වේ.එමෙන්ම තරුණ්ය දුප්පත් නම් විවාහයේදී ගෙන යා යුතු දෑවැද්ද උපයා ගැනීමද මෙමගින් බලාපොරොත්තු වේ.
                 අප්‍රිකාවේ බැන්ටු හා බහිමා නැමති ගෝත්‍ර වලට අයත් කාන්තාවන් බහු පුරුෂ සේවනයෙහි යෙදීමේ චාරිත්‍රය අදටත් දක්නට ලැබේ.සිය ගෝත්‍රික චාරිත්‍ර ධර්මයන්ට අනුව සැමියා හැර අන් පුරුෂයෙක් සමග රතියෙහි නොයෙදුනහොත් එය අඩුවක් ලෙස සැලකේ.එසේ රතියෙහි යෙදීමෙන්  විවාහක පවුල තුළ සාමකාමී බවට ගැටළුවක් ඇති නොවන බවටත් සැමියා වෙත ඉටුවියයුතු යුතුකම් මග නොහැරෙන බවත් දැක්වේ.
                        ඊසානදිග අප්‍රිකාවේ ස්ත්‍රිය මෙන්ම පුරුෂයන්ද මෙසේ සංසර්ගයෙහි යෙදීම සිදුවේ.නිවසට පැමිණෙන ඕනෑම පිරිමියෙක් සමග එකම යහනක සැතපී රැය  ගත කිරීමට කාන්තාවට අවසර තිබෙන අතර පිරිමින්ටද එම අයිතිය හිමි වේ.එමෙන්ම සැමියාගේ පියාටද තම ලේලිය සමග සංසර්ගයෙහි යෙදීමට අවසර තිබේ.
                       ඕස්ට්‍රේලියාවේ ගෝත්‍රික පිරිසක් අසල්වැසියන් සමග මිත්‍රත්වය තහවුරු කර ගැනීම සදහා අන්‍ය අඹු සැමියන් සමග ලිංගික සම්බන්ධතාවල යෙදේ.මෙය සමාදානය හා මිත්‍රත්වය වර්ධනය කරගැනීමේ නිවැරදි මාර්ගයක් ලෙස සැලකේ.
                  හවායි රටේ පොලිනීසියන් නැමති ජනකොට්ඨාශය තුළ බිරියන් ණයට දීමේ සිරිතක් පවතී.යම්කිසි පුරුෂයෙකුට තමන් සිත්ගත් විවාහපත් බිරිදක් වේ නම් ඇය සමග එක්වීමට ආශාවක් ඇත්නම් ඒ පිළිබදව කාන්තාවගේ සැමියාට දැනුම් දියයුතුය.එවිට සැමියා විසින් දින කීපයක් සදහා බිරිද ණයට දීම කරයි.
             
                   විවිධ රටවල අඹුසැමි සිරිත් විරිත් පිළීබදව කතා කිරීමේදී  ඇතැම් රටවල ගෝත්‍රික තරුණියන් විවාහ වීමට සතියකට පමණ පෙර සිට හමුවන ඹ්නෑම අයෙකු සමග වරදෙහි බැදීමට අවසර තිබේ. තවත් ගෝත්‍රික කාන්තාවන් විවාහයට පෙරකෙසේ හෝ කන්‍යාභාවය බිදගැනීමට කටයුතු කරයි.එසේ කරනු ලබන්නේ පවුල් ජීවිතය ගත කිරීමේදී ඇතිවන උවදුරු දෝෂ වළක්වා ගැනීම පිණිසයි.ඹවුන්ගේ අදහස තරුණියකගේ කන්‍යාභාවය සැමියා වීමට පුද්ගලයා හැර වෙන ම්නෑම අයෙකු අතින් නැතිර ගැනීම වරදක් නැති බවයි.
                             මෙසේ සමාජයේ ඇතැම් රටවල විවාහ ජීවිතයේදී පිළිකුල් යැයි බැහැර කරන සිරිත් විරිත් ඇතැම් රටවල  සදාචාර සම්පන්න සිරිත් විරිත් ලෙස පිළිගැනීම කරයි. මෙය එක් ආකාරයකට විශ්මය දනවන කරුණක් බවටද පත්වේ.


No comments:

Post a Comment