පෝෂණ ගුණයෙන් පිරි බිත්තර
බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහල ආහාරයක්. විශේෂයෙන්ම
අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරාගැනීමේදී බිත්තරයකට වැඩි
දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා
අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී
පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි. බිත්තර වල තිබෙන
ගුණ
01.
ඔබේ කුස ඉක්මණින් පුරවයි.
බිත්තර මගින් ඔබගේ කුස ඉක්මණින්ම පුරවා දමා ආහාර රුචිය ස්ථාවර කරයි. මේ
නිසා ආහාර වලට ඇති නැඹුරුව අඩු කර බර අඩු කිරීමට දායක වේ.
02.
මානසික පීඩනය අවම කරයි
බිත්තර මගින් මානසික පීඩනය අවම කරවන බව සොයා ගෙන තිබේ.
03.
නීරෝගී සමක් හා නීරෝගී හිසකෙස් ලබා දේ.
බිත්තර වල බී complex
විටමින් අන්තර්ගත වේ. මෙමගින් ඔබගේ සමේ හා හිසකෙස් වල
ගුණාත්මක භාවය ඉහළ දමයි. එමෙන්ම මෙය ස්නායු පද්ධතියට ද හිතකර වේ
04.
සිරුරට කැල්සියම් අවශෝෂණය වැඩි කරවයි.
කැල්සියම් අවශෝෂණයට
vitamin D අත්‍යාවශ්‍ය වේ. ඉතින් මේ vitamin D ලබාගත
හැක්කේ හිරු කිරණින් හා බිත්තර වලින් ය. මේ මගින් ඔබගේ අස්ථි හා දත් ශක්තිමත් වේ
06.
මොළයට හිතකර වේ
බිත්තර වල සිරුරේ ස්නායු කාර්යයන්ට
දායක වන choline නම් පෝෂකයක් අඩංගු වේ
07.
ප්‍රතිශක්තිය වඩවයි.
රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිය වැඩි කිරීම
බිත්තර මගින් සිදු කරයි.
08.
ශරීරයේ ශක්තිය වැඩි කරයි
අප ගන්නා ආහාර ශක්තිය බවට පත් කිරීමට විටමින් වර්ග කීපයක් අවශ්‍ය වේ. මේවා
බිත්තර වල අඩංගු ය.

No comments:
Post a Comment