Friday, August 12, 2016

මනමේ කුමරුගෙ නික්ම යාම.
ශ්‍රී ලංකාවේ නාට්‍ය සහ සිනමා ක්‍ෂේත්‍රයේ නිරත නූතන පරපුරේ කලාකරුවන් සමඟ පවා උරෙනුර ගැටෙමින් දිගු කලක් රංගනයෙන් දායක වෙමින් සිටි විජය නන්දසිරි මහතා  සහෘදයන් අතර ජනප්‍රිය චරිතයක් විය.
වේදිකා නාට්‍යයක සිදු කළ රංගනයක් තුළින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඇස ගැටුණ විජය නන්දසිරි 'මනමේ' කුමරුන් වේශයෙන් වසර ගණනාවක් වේදිකාව අලංකාර කළ සම්භාව්‍ය නාට්‍ය ශිල්පියෙකි.
වසර පනහකට අධික කාලයක් සිංහල වේදිකා නාට්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් කැප වූ විජය නන්දසිරි මනමේ නළුවට අමතරව සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිළෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී , වැනි ජනාදරය දිනා ගත් වේදිකා නාට්‍ය රාශියකට නිර්මාණයෙන් සහ රංගනයෙන් දායක විය.
පසු කාලයෙහි සිනමාවට එක් වූ ඔහු නෑදෑයෝ ,බංගලි වළලු සහ සඳකඩ පහණ වැනි චිත්‍රපට තුලින් වේදිකාව මෙන්ම රිදී තිරය ද තමාට ආගන්තුක නොවන බවයි පසක් කළේ.
අවසන් කාලයේ ඔහු රංගනයෙන් දායක වූ සිකුරු හතේ, සුහද කොකා ,කිං හන්තර් ,සර් ලාස්ට් චාන්ස් වැනි නිර්මාණ ප්‍රහසන සිනමාවේ ප්‍රදර්ශන වාර්තා තැබීමට සමත් විය. නෝනාවරුනි  මහත්වරුනි, යර්ස් බොස් ඔහුගේ ජනප්‍රිය ටෙලිනාට්‍ය විය.
රූපවාහිනිය රටට හඳුන්වා දුන් මුල් සමයේ පටන් පුංචි තිරයට ගොඩ වූ විජය නන්දසිරිගේ බිරිඳ දේවිකා මිහිරානි ශ්‍රී ලංකාවේ පළමු ටෙලි වෘත්තාන්තය හැටියට සැලකෙන ඩී .බී. නිහාල්සිංහයන්ගේ 'දිමුතු මුතු' ප්‍රධාන චරිතයකට පණ දුන්නාය.

විජය නන්දසිරි මහතා ජනප්‍රිය නිවේදකයකු සහ ගායකයකු ද වෙයි.


2 comments:

  1. ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්..නිවන් සැප ලැබේවා..

    ReplyDelete
  2. important information about the greatest artist.

    ReplyDelete